රුසියානු – යුක්‍රේන සාම සාකච්ඡාව පැය 2 කටත් වඩා අඩු කාලයකින් අවසන් වී තිබෙනවා.
2022 මොස්කව් ආක්‍රමණයේ මුල් සතිවලින් පසු පළමුවරට සෘජු රුසියානු – යුක්‍රේන සාම සාකච්ඡාව ඊයේ පැවැත්වුණා.
මීට පුටිං හෝ සෙලෙන්ස්කි සහභාගී නොවනු අතර ඔවුන්ගේ ඉහළ නිළධාරීන් නියෝජනය කරමින් ඩොල්මාබාස් මාලිගයේ U-හැඩැති මේසයක එකිනෙකාට ප්‍රතිවිරුද්ධව වාඩි වී සාකච්ඡාව ආරම්භ කළා.
එහිදී දෙපාර්ශවයම සිරකරුවන් 1000 ක හුවමාරුවක් සිදුකිරීමට එකඟ වුවද, සටන අවසන් කිරීම සඳහා වන ප්‍රධාන කොන්දේසි සම්බන්ධයෙන් නිසි එකඟතාවයකට පැමිණ නැහැ.
යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පැවසුවේ ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ප්‍රංශය, ජර්මනිය, එක්සත් රාජධානිය සහ පෝලන්තය යන රටවල නායකයින් සමඟ සාකච්ඡාවේ ප්‍රතිඵල සමාලෝචනය කළ බවයි.
පූර්ණ හා කොන්දේසි විරහිත සටන් විරාමයක් සහ ඝාතන අවසන් කිරීම ප්‍රතික්ෂේප කළහොත් රුසියාවට එරෙහිව දැඩි සම්බාධක පනවන්නැයි සෙලෙන්ස්කි යුරෝපීය නායකත්ව රැස්වීමකදී X හි සටහනක් පළකරමින් ඉල්ලා සිටියා.
සාකච්ඡා අතරතුර, යුක්‍රේන හමුදා විශාල භූමි ප්‍රමාණයකින් ඉවත් කර ගැනීම සඳහා රුසියාවේ නව, “පිළිගත නොහැකි ඉල්ලීම්” කිහිපයක් ඉදිරිපත් කළ බවයි ජ්‍යෙෂ්ඨ යුක්‍රේන නිලධාරියෙකු කියාසිටියේ.
සාකච්ඡා වලින් අනතුරුව යුක්‍රේනය පවසා ඇත්තේ ඊළඟ පියවර ලෙස යුක්රේන ජනාධිපති Volodymyr Zelensky සහ රුසියානු ජනාධිපති Vladimir Putin අතර මුහුණට මුහුණ හමුවීමක් සිදුවිය යුතු බවයි.