Latest News

අධිවේගී මාර්ගයක රිය අනතුරකින් 21 දෙනෙකුට දිවි අහිමිවෙයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මෙක්සිකෝවේ මධ්‍යම පළාතේ රිය අනතුරකින් පුද්ගලයන් 21 දෙනකු ජීවිතක්ෂයට පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එරට පියුබ්ලා ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයක මේ අනතුර සිදුවී ඇති අතර, වාහන තුනක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුවූ බවට මූලික පරීක්ෂණයේදී හෙළිවී ඇති බවයි එම වාර්තාවල සඳහන් වන්නේ.

විරුද්ධ දිශාවෙන් පැමිණි ට්‍රක් රථයක් බස් රථයක ගැටීමෙන් පසු වෑන් රථයක ද ගැටීමෙන් පුද්ගලයන් 18 දෙනකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වී ඇති අතර , තවත් පුද්ගලයන් තිදෙනකු රෝහල්ගත කිරීමෙන් පසු මිය ගිය බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.

World News

Send your contact Details Today