Latest News

දරුණු යුද ගැටුම් අතරතුර රුසියාව හා යුක්‍රේනය මුහුණට මුහුණ සාකච්ඡාවකට

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

දරුණු යුද ගැටුම් අතරතුර වසර තුනකට පසුව රුසියාව සහ යුක්‍රේනය සෘජු සාම සාකච්ඡා පැවැත්වීමට සූදානම් ව සිටිනවා.

රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේ, දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඇති වූ දරුණුතම යුද ගැටුමක් ලෙස සැලකෙන යුක්‍රේන – රුසියා යුද්ධය වහාම නතර කරන ලෙසට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් දෙපාර්ශ්වයට ම දැඩි බලපෑම් එල්ල වන පසුබිමක මෙය සිදු වන බවයි.

ඒ අනුව රුසියාව සහ යුක්‍රේනය සිය පළමු සාම සාකච්ඡා සඳහා අද (16) ඉස්තාන්බුල්හි දී රැස්වෙනු ඇති.

බොස්ෆොරස් හි ඩොල්මාබාස් මාලිගයේ පැවැත්වෙන මෙම හමුවීම 2022 මාර්තු මාසයේ සිට මුහුණට මුහුණ හමු නොවූ සටන් කරන පාර්ශ්වයන් අතර රාජ්‍ය තාන්ත්‍රික ප්‍රගතියේ සලකුණක් ලෙසත් රොයිටර්ස් වාර්තා කරනවා.

තුර්කි විදේශ අමාත්‍යාංශ ආරංචි මාර්ග පැවසුවේ තුර්කි, එක්සත් ජනපද සහ යුක්රේන නිලධාරීන් අතර හමුවක් ද පැවැත්වෙන බවත්, ඉන්පසු තුර්කි, රුසියානු සහ යුක්රේන නියෝජිතයින් අතර සාකච්ඡා පැවැත්වෙන බවයි.

පුටින් තුර්කියේදී යුක්‍රේනය සමඟ සෘජු සාකච්ඡා යෝජනා කළ නමුත්, යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි විසින් තමාව පෞද්ගලිකව හමුවීමට කළ අභියෝගය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ වෙනුවට මධ්‍යම මට්ටමේ නිලධාරීන් කණ්ඩායමක් සාකච්ඡා සඳහා යවා තිබෙනවා.

World News