ගාසා තීරයේ ජීවත්වන සිවිල් වැසියන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති සිටින බව විදෙස් මාධ්‍ය පවසනවා.
ඒ සති 10කට අධික කාලයක සිට ඊශ්‍රායලය විසින් ගාසා තීරයට ආහාර සැපයීම අවහිර කිරීම හේතුවෙන්.
මේ හේතුවෙන් ළමුන් බොහෝ පිරිසක් මන්දපෝෂණයටද ගොදුරු වී ඇති බවද සඳහන්.
ගාසා තීරයේ වැසියන්ට දිනකට ආහාර ලබාගැනීමට හැකියාව පවතින්නේ එක් අවස්ථාවකදී පමණක් බවයි මේ පිළිබදව අදහස් දක්වමින් එම ප්‍රදේශයේ රෝහල්වල වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇත්තේ.
එමෙන්ම ගාසා තීරයට ඉන්ධන සහ ඖෂධ සැපයුමද, ඊශ්‍රාලය අත්හිටුවීමත් සමග එහි ජනතාවගේ පැවැත්ම දැඩි අභියෝගාත්මක වී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.