Latest News

ගුරුවරුන්ට අපහාස කළොත් දෙමාපියන්ට දඩයක්

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පාසල් කාර්ය මණ්ඩලය කෙරෙහි දක්වන අපහාසාත්මක හැසිරීම් ඉහළයාම හේතුවෙන් අපූරු දඩුවමක් දෙමාපියන්ට ලබාදීමට වික්ටෝරියාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව වික්ටෝරියා අධ්‍යාපන පැමිණිලි අධිකාරියේ සභාපතිවරයා පවසන්නේ පාසල් ගුරුවරුන්ට අන්තර්ජාලය හරහා අපහාස කරන දෙමාපියන්ට ඩොලර් දහසක දඩයක් ලබාදෙන බවයි.

වික්ටෝරියා පාසල් ආරවුල් විසඳීම සඳහා වන ස්වාධීන කාර්යාලය විසිනුයි මෙම දඩුවම නියම කර ඇත්තේ.

2024 වසරේ ඔස්ට්‍රේලියා කතෝලික විශ්ව විද්‍යාලය විසින් විදුහල්පතිවරුන්ගේ වෘත්තීය සෞඛ්‍ය, ආරක්ෂාව සහ යහපැවැත්ම පිළිබඳ සමීක්ෂණයක් සිදුකරනු ලැබුවා.

එහිදී අනාවරණය වී ඇත්තේ ගුරුවරුන්ට එරෙහවි ඕපාදූප සහ අපහාස සියයට 65 දක්වා ඉහළ ගොස් ඇති අතර සයිබර් හිරිහැර සියයට 88 කින් පමණ ඉහළ ගොස් ඇති බවයි.

මේ අතර වික්ටෝරියා දෙමාපිය ප්‍රධාන විධායක Gail McHardy කියාසිටියේ දෙමාපියන් අන්තර්ජාලය හරහා සිදුකරන හිරිහැර සම්පූර්ණයෙන් පිළිගත නොහැකි නමුත් දෙමාපියන්ට දඩ නියම කිරීම ගැටළුවලට විසඳුමක් නොවන බවයි.

අධ්‍යාපන අමාත්‍ය බෙන් කැරොල් පවසන්නේ මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට කිසිඳු සැළසුමක් නොමැති අතර පාසල් පුරා ධනාත්මක හැසිරීම් ඇති කිරීමට රජය සතුව සැලසුම් ඇති බවයි.

World News