Latest News

ශ්‍රී ලංකාවට නව පිතිකරණ උපදේශකවරයෙක්

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලෙස්ටර්ෂයර් සහ එංගලන්ත වයස අවුරුදු 19 න් පහළ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ Timothy James Boon ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකවරයෙකු ලෙස පත් කර තිබෙනවා.

ඒ අනුව මැයි 08 වන දින සිට බලපැවැත්වෙන පරිදි මාසයක කොන්ත්‍රාත්තුවක් මත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පුහුණුකරුවෙකු සහ ඉහළ කාර්යසාධන උපදේශකයෙකු ලෙස ටිම් ව බඳවාගෙන ඇති බවයි පැවසෙන්නේ.

2005 අළු බඳුන ජයග්‍රහණයේ දී ඩන්කන් ෆ්ලෙචර් යටතේ එංගලන්ත කණ්ඩායම් විශ්ලේෂකයෙකු ලෙස කටයුතු කළ ටිම් බූන්, ශ්‍රී ලංකා කාන්තා ජ්‍යෙෂ්ඨ සහ A-කණ්ඩායම් සංචිත සඳහා මෙන්ම පිරිමි නැගී එන කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 17 න් පහළ කණ්ඩායම සඳහා ද පිතිකරණ උපදේශකයෙකු ලෙස කටයුතු කරනු ඇති.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය නිවේදනයකට අනුව, බූන්ගේ වැඩසටහනට ” සමස්ත පිතිකරණ ප්‍රවේශය සහ පුද්ගල කාර්ය සාධනය වැඩිදියුණු කිරීම අරමුණු කරගත් තාක්ෂණික සහ උපායශීලී සැසි” ඇතුළත්.

World News