සමලිංගික, ද්විලිංගික, සංක්‍රාන්ති ලිංගික වැනි ස්ත්‍රී පුරුෂ අනන්‍යතා ඇති විවිධ ප්‍රජාවන්ට අමෙරිකාවට සංචාරය කිරීම ගැන නැවත සලකා බැලිය යුතු බව නිවේදනය කර තිබෙනවා.
ඒ Equality Australia ආයතනය විසින්.
ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍රයේ ඇති ස්ත්‍රී පුරුෂ භාවය උපතේදී ලබා දී ඇති ස්ත්‍රී පුරුෂ භාවයට නොගැලපේ නම් මෙම අවදානම වැඩි වේ යැයි නීති අධ්‍යක්ෂ Heather Corkhill පවසනවා.
ඇය වැඩිදුරටත් සඳහන් කළේ අමරිකාවට පැමිණීමෙන් පසුව එරට තුළ සංචාරය කිරීමද දැන් වැඩි අවදානමක් සහිතය බවයි.
ඩොනල් ට්‍රම්ප් බලයට පත් වීමෙන් පසු දැඩි දේශසීමා පාලනය ක්‍රමයක් ක්‍රියාත්මක කර ඇති අතර අමරිකාවට පැමිණෙන සංචාරකයින්ට ලබාදෙන උපදෙස් තුන් ගුණයකින් වැඩි කර තිබෙනවා.
මෙම වසර තුළ අමරිකාව සතිපතාම anti-LGBTQIA+ නීති සම්මත කරමින් LGBTQIA+ පුද්ගලයින්ගේ මූලික අයිතිවාසිකම් ද සීමා කර ඇති බවයි වාර්තා වන්නේ.