නුවරඑළියේ සිට තලවකැලේ සෙන්ක්ලෙයාර් වත්ත දක්වා අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක් ප්රධාන මාර්ගයේ කන්දක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
ඊයේ එනම් 2025.05.14 පස්වරු 5ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් නුවරඑළිය ප්රධාන මාර්ගයේ තලවකැලේ ලිඳුල, මල්ලිඅප්පු ප්රදේශයේදී ය.
නීතීඥවරයෙකු විසින් ධාවනය කළ මෝටර් රථයේ වේගය පාලනය කර ගත නොහැකිව කන්දේ ගැටී අනතුර සිදු වී ඇති බවත්, අනතුරින් නීතීඥවරයාට කිසිදු අනතුරක් සිදු වී නොමැති බවත් වාර්තා වෙනවා.
කෙසේවෙතත් අනතුරින් මෝටර් රථයට දැඩි අලාභ හානි සිදුව ඇත.
මෝටර් රථ රියදුරුගේ අපරීක්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතු වී ඇති බවද වාර්තා වේ.