Latest News

නව සරම්ප රෝගයක් පිළිබඳව අනතුරු ඇඟවීමක්

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

නව සරම්ප රෝගයක් පිළිබඳ වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අනතුරු ඇගවීමක් නිකුත් කර තිබෙනවා.

පාකිස්තානයට ගොස් නැවත පැමිණි සංචාරකයෙකුට මෙම සරම්ප රෝගය වැළදී ඇති බවටයි තොරතුරු ලැබී ඇත්තේ.

මෙම පුද්ගලයා Frankston නගරයේ ප්‍රසිද්ධ ස්ථාන කිහිපයකට ගොස් ඇති අතර, එම ස්ථානවලට ගිය අය සඳහා රෝගය ආසාදනය වීමේ අවදානමක් මතුව තිබෙනවා.

ඒ අනුව මෙල්බන්හි සරම්ප රෝග අවදානම මේ වනවිට ඉහළ ගොස් තිබෙනවා.

මෑත කාලීනව වික්ටෝරියාවේ දේශීය වශයෙන් සරම්ප රෝගීන් සැලකිය යුතු සංඛ්‍යාවක් වාර්තා වුණා.

නව රෝගීන් අතරින් කිහිපදෙනෙක් විකටෝරියාවේ දේශීයව රෝගය ආසාදනය වුවන් බව හෙළිවී තිබෙනවා.

විදේශගත වූවන් සහ අනෙකුත් පළාත්වලින් පැමිණෙන්නන් හේතුවෙන් රෝගය පැතිරයා‌මේ අවදානම ඉහළගොස් ඇති බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

World News