Latest News

Microsoft සමාගම විසින් සිය විශාලතම සේවක කප්පාදුවට සැරසෙයි

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

Microsoft සමාගම විසින් සේවක කප්පාදුවක් සිදු කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව සේවකයින් 6,000ක් පමණ සේවයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මෙලෙස කප්පාදු කරනු ලබන සේවක ප්‍රමාණය Microsoft සමාගමේ ශ්‍රම බළකායෙන් 3% කටත් වඩා අඩු ප්‍රමාණයක් බවයි සඳහන් වන්නේ.

පසුගිය අඟහරුවාදා දින Microsoft සමාගම විසින් මෙම නිවේදනය නිකුත් කර තිබුණා.

පිරිවැය පාලනය කිරීම සහ කෘතිම බුද්ධිය සඳහා ඩොලර් බිලියන ගණනක් ආයෝජනය කිරීම මෙම සේවක කප්පාදු කිරීමෙන් Microsoft සමාගම බලාපොරොත්තු වනවා.

මේ අතර 2023 දී Microsoft සේවකයින් 10,000ක් සේවයෙන් ඉවත් කිරීමෙන් පසු සිදු කරන විශාලතම සේවක කප්පාදුව මෙය බවයි වාර්තා වන්නේ.

World News