Latest News

ලොව දුප්පත්ම ජනාධිපතිවරයා මෙළොව හැර යයි

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලොව දුප්පත්ම ජනාධිපතිවරයා ලෙස සැලකෙන උරුගුවේහි හිටපු ජනපති ජෝස් මුජිකා මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

“පෙපේ” (Pepe) ලෙස හැඳින්වෙන ඔහු මිය යන විට වයස අවුරුදු 89 ක් .

2010 වසරේ සිට 2015 වසර දක්වා උරුගුවේ පාලනය කළ ඔහුගේ නිහතමානී ජීවන රටාව නිසා ලෝකයේ “දුප්පත්ම ජනාධිපති” ලෙස පත්වුණා.

එරට වත්මන් ජනාධිපති යමණ්ඩු ඕර්සි හිටපු ජනාධිපතිවරයාගේ මරණය පිළිබඳ සිය ශෝකය පළ කළා.

ඔහුගේ මරණයට හේතුව මෙතෙක් වාර්තා නොවන අතර හෙතෙම පිළිකා රෝගයෙන් ද පීඩා වින්දා.

ජනාධිපති ලෙස ඔහු ජීවත් වූ සරල ආකාරය, පාරිභෝගිකවාදය පිළිබඳ ඔහුගේ විවේචනය සහ ඔහු ප්‍රවර්ධනය කළ සමාජ ප්‍රතිසංස්කරණ නිසා වඩාත් ජනප්‍රිය චරිතයක් වුණා.

මරිජුවානා භාවිතය නීතිගත කළ පළමු රට බවට උරුගුවේ පත්වුනේ ඔහුගේ කාලසීමාවේදීයි.

World News