Latest News

බන්ධනාගාරයේ සිටින පුද්ගලයෙක් නගරාධිපති ධුරයට පත්වෙයි

Published 12 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

හෙග්හි ජාත්‍යන්තර අපරාධ මධ්‍යස්ථානයේ (ICC) අත්අඩංගුවේ පසුවන හිටපු ජනාධිපති රොද්‍රිගෝ දුටර්ටේ තම පවුලේ බලය පැවති ඩාවාවෝ නගරයේ නගරාධිපති ධුරයට නැවතත් තේරී පත්ව තිබෙනවා.

දුටර්ටේගේ විශ්වාසනීයතම සහකාරයන් දෙදෙනෙක් වූ ක්‍රිස්ටොෆර් “බොං” ගෝ සහ හිටපු පොලිස්පති රොනල්ඩ් “බාටෝ” දෙලා රෝසා යළිම සෙනට් සභාවට තේරී පත්ව ඇති බවයි වාර්තා වෙන්නේ.

නමුත් දුටර්ටේ පවුල සහ මාර්කෝස් පවුල අතර ඇති දැවැන්ත දේශපාලන ආරවුල මැදිව තිබුණු මෙම මතිවරණය අපේක්ෂාවන්ට වඩා වෙනස් ප්‍රතිඵල ලබා දී ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

මෙම මැතිවරණය, පිලිපීනයේ දේශපාලන ඉතිහාසයෙහි වඩාත් තීරණාත්මක මැතිවරණයක් වූ අතර, මාර්කෝස් සහ දුටර්ටේ පවුල් අතර ඇති විශාල ගැටුමක් ලෙස සලකණු ලැබුවා.

World News

Send your contact Details Today