Latest News

චමරිට ICC යෙන් දඩයක් සමඟ අගෞරව ලකුණක්

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකා පිළේ නායිකා චමරි අතපත්තුට ඇගේ තරග ගාස්තුවෙන් 10% ක දඩයක් නියම කර තිබෙනවා.

ඒ කුණු අප්‍රිකාවට එරෙහිව කොළඹදී ඉකුත් සිකුරාදා පැවති කාන්තා තුන්කොන් ක්‍රිකට් තරගාවලියේදී ICC චර්යාධර්ම සංග්‍රහයේ 1 වන මට්ටම උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන්.

ඒ අනුව “ජාත්‍යන්තර තරඟයක් අතරතුර ක්‍රිකට් උපකරණ, ඇඳුම්, පැළඳුම් උපකරණ හා උපාංග අනිසි ලෙස භාවිතා කිරීම” සම්බන්ධයෙන් ICC චර්යාධර්ම සංග්‍රහයේ 2.2 වගන්තිය අතපත්තු විසින් උල්ලංඝනය කර ඇති බවට අනාවරණය වී ඇති බව සඳහන්.

මේ සමඟ චමරි අතපත්තුගේ විනය වාර්තාවට එක් අගෞරව ලකුණක්ද එකතු වී තිබෙනවා.

මෙම සිදුවීම දකුණු අප්‍රිකානු ඉනිමේ 32 වන ඕවරයේදී සිදුව තිබුණා.

එහිදී ඇනරි ඩර්ක්සන් විසින් 4 පහරක් එල්ල කිරීමෙන් පසු අතපත්තු ඇගේ අව් කණ්ණාඩිය ගලවා බිමට දැමීමේදී එය කැබලි කිහිපයකට කැඩී ගියා.

World News