Latest News

කැනඩාවේ අලුතින් ඉදි කළ ස්මාරකයක් ගැන ලංකාවේ අවධානය

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකික සම්භවයක් සහිත දෙමළ ජාතිකයින් පිරිසක් විසින් එරට බ්‍රැම්ප්ටන් නගරයේ ඉදිකරනු ලැබූ ස්මාරකයක් පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ මේ වනවිට වීඩියෝපට කිහිපයක් සංසරණය වනවා.

මෙය LTTE ත්‍රස්තවාදී සංවිධානයේ ඊළාම් සිතියම ඇතුළත් දෙමළ ජනසංහාර ස්මාරකයක් බවයි වාර්තා වන්නේ.

සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ සටහන් මගින් ඔවුන් සඳහන් කර ඇත්තේ, 2021දී යාපනය විශ්වවිද්‍යාලයේ ඉදිකළ අනුස්මරණ ස්මාරකය විනාශ කිරීමට ලක්රජය කටයුතු කිරීමට ප්‍රතිචාර වශයෙන් මෙම ස්මාරකය ඉදිකළ බවයි.

කැනේඩියානු දෙමළ ජාතික කවුන්සිලය ඇතුළු කැනඩාවේ සිටින දෙමළ සංවිධානවල අනුග්‍රහයෙන් ඉදිකර ඇති මෙම ස්මාරකය, LTTE සංවිධානය නිර්මාණය කළ බවට පැවසෙන දෙමළ ඊළාම් සිතියම ද ඇතුළත් කරමින් ස්ථාපනය කර ඇති අයුරු දැකගත හැකියි.

අදාළ ස්මාරකය විවෘත කරන අවස්ථාවට ඔන්ටාරියෝහි නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන ශ්‍රී ලංකාවේ යාපනයේ උපත ලද විජේ තනිගසලාම් නමැත්තෙකු ද එක්ව සිටි අයුරුද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ වීඩියෝවල දක්නට ලැබුණා.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් කැනඩාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයෙන් වාර්තාවක් කැඳවීමට බලාපොරොත්තු වන බවයි ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.

World News

Send your contact Details Today