Latest News

IPL තරගාවලිය පැවැත්වෙන සංශෝධිත දින සහිත නව කාලසටහන නිකුත් කරයි

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දියාව සහ පාකිස්තානය අතර දේශසීමා ආතතීන් හේතුවෙන් තාවකාලිකව නවතා දැමූ IPL තරගාවලිය මැයි 17 වන දින නැවත ආරම්භ කරන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ඊයේ (12) රාත්‍රියේ ප්‍රකාශයට පත් කළා.

ඒ, අනුව ජුනි 03 වනදා දක්වා තරගාවලිය පැවැත්වීමට කටයුතු කරන බවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කළේ.

මැයි 09 වන දින තාවකාලිකව අත්හිටුවන ලද තරගාවලියේ ඉතිරි තරග, බැංගලෝර්, ජායිපූර්, දිල්ලි, ලක්නව්, මුම්බායි සහ අහමදාබාද් යන ස්ථාන හයකදී පැවැත්වීමටයි මේ වනවිට සැළසුම්කර ඇත්තේ.

මැයි 17 වනදා සිට ජුනි 03 වනදා දක්වා කාලය තුළ දී තරගාවලියේ අවසන් මහා තරගය ඇතුළු තරග 17ක් පැවැත්වීමට සැළසුම් කර තිබෙනවා.

මේ අතර තරගාවලිය තාවකාලිකව නවතා දැමීමට පෙර මැයි 08 වන දින ධර්මශාලා හිදී පළමු ඉනිමේ මැද භාගයේදී නතර කරන ලද පන්ජාබ් කිංග්ස් සහ දිල්ලි කැපිටල්ස් තරගය නැවතත් මැයි 24 වන දින ජායිපූර් හිදී පැවැත්වෙන බව ද දැනුම් දී තිබෙනවා.

සංශෝධනය කළ තරග කාලසටහන පහතින්…

World News