Latest News

ඕස්ට්‍රේලියාවේ නව අමාත්‍ය මණ්ඩලය හෙට දිව්රුම් දෙයි

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඕස්ට්‍රේලියාවේ, ලේබර් රජයේ නව කැබිනට් මණ්ඩලය පත්කර තිබෙනවා.

මැතිවරණය ජයග්‍රහණයෙන් පසු කැබිනට් මණ්ඩලයේ සංශෝධන කිහිපයක් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව Michelle Rowland ඔස්ට්‍රේලියාවේ නව නීතිපති ධුරයට පත්කෙරුණා.

නීතිපති ධුරය හෙබවූ Mark Butler සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස නම් කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම Amanda Rishworth රැකියා සහ සේවා ස්ථාන සබඳතා අමාත්‍යවරියයි.

anya Plibersek නව සමාජ සේවා අමාත්‍යවරිය ලෙසයි පත්කරනු ලැබ ඇත්තේ.

Anne Aly කුඩා ව්‍යාපාර, ජාත්‍යන්තර සංවර්ධන සහ බහු සංස්කෘතික කටයුතු භාර අමාත්‍යවරියයි.

පරිසර අමාත්‍යවරයා ලෙස පත්ව ඇත්තේ Murray Watt වන අතර Tim Ayers විද්‍යා, කර්මාන්ත සහ නවෝත්පාදන අමාත්‍ය ධුරයට පත්කර තිබෙනවා.

නව අමාත්‍ය මණ්ඩලය හෙට උදේ 9 වන විට දිව්රුම් දීමට නියමිත බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරන්නේ.

World News