හමාස් සංවිධානය රඳවාගෙන සිටින තවත් ප්‍රාණ ඇපකරුවකු නිදහස් කිරීමට සූදානම් බව එම සංවිධානය නිවේදනය කර සිටිනවා.
ඊශ්‍රායල-ඇමරිකානු ප්‍රාණ ඇපකරු Edan Alexander මෙලෙස නිදහස් කරන බවයි ඔවුන් පවසන්නේ.
ඔහු ගාසා තීරයේ ඇමරිකානු පුරවැසිභාවය සහිතව ජීවත්ව සිටින අවසන් සිරකරුවා ලෙස සැලකෙනවා.
දින 70 ක් පුර ඊශ්‍රායල විසින් ගාසා තීරයට සැපයුම් ලැබීම අවහිර කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.
මේ නිසා ගාසා තීරයට අවශ්‍ය වන ආහාර, ඖෂධ සහ අනෙකුත් දෑ ප්‍රවාහණය කිරීමට නොහැකි වී ඇති තිබෙනවා.
අමෙරිකානු ජනාධිපතිවරයා හෙට දිනයේ මැදපෙරදිග කලාපයේ සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බවද සඳහන්
ඔහුගේ සංචාරයට පෙර මෙම ආමරිකානු – ඊශ්‍රායල් ප්‍රාණ ඇපකරුවා නිදහස් කිරීම නිවේදනය කිරීම මගින් වාසි ලබාගැනීම හමාස් සංවිධානයේ අරමුණ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
2023 හමාස් ප්‍රහාරයේදී අල්ලා ගන්නා ලද ප්‍රාණ ඇපකරුවන් 251 දෙනාගෙන් 59 දෙනෙකු තවමත් ගාසා ප්‍රදේශයේම රඳවාගෙන සිටිනවා.
ඔවුන්ගෙන් 24 දෙනෙකු පමණ ජීවතුන් අතර සිටින බව විශ්වාස කෙරෙන නමුත් මෙම තොරතුරු සනාථ කර නැහැ.