Latest News

IPL තරගාවලිය යළි ආරම්භයට පෙර තවත් අභියෝගයකට මුහුණ දෙයි

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දු – පාකිස්ථාන යුද ගැටුම් හේතුවෙන් තාවකාලිකව නවතා දැමූ IPL තරගාවලිය මැයි මස 16 වන දිනට පෙර නැවත ආරම්භ කළ හැකි බව ඉන්දීය ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඒ, අනුව මෙවර තරගාවලියේ අවසන් මහා තරගය මැයි 25 සිට මැයි 30 දක්වා මාරු කිරීමට අවස්ථාව පවතින බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.

කෙසේ වෙතත් තරගාවලිය සඳහා එක්කරගෙන සිටි විදෙස් ක්‍රීඩකයින් සම්බන්ධයෙන් කණ්ඩායම් රැසක් මේ වනවිට ගැටළුකාරී තත්ත්වයට මුහුණ දී ඇති බව වාර්තා වනවා.

ඒ, යළිත් ඉන්දියාවට පැමිණීමට එම ක්‍රීඩකයින් බොහෝ දෙනෙක් සිය අකමැත්ත පළකිරීමත් සමඟයි.

මෙවර තරගාවලියේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම නියෝජනය කළ ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාර්ක්; තරගාවලිය නැවත ආරම්භ වුවහොත් යළි ඉන්දියාවට නොඑනු ඇති බව ඔහුගේ කළමණාකාරවරයා පවසනවා.

ඊට අමතරව හයිද්‍රාබාද් කණ්ඩායම නියෝජනය කළ පැට් කමින්ස් සහ ට්‍රැවිස් හෙඩ් ද යළි ඔවුන්ගේ මව්රටට ගොස් ඇති අතර, ඔවුන්ද යළි ඉන්දියාවට පැමිණීම නොහැකි බව දන්වා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

තරගාවලිය සඳහා එක්ව සිටි නවසීලන්ත සහ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් ද ඔහුගේ රටවල් වෙත දැනටමත් ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

තරගාවලිය අත්හිටුවීමෙන් පැය 24 ක් ඇතුළත ඉන්දියාවෙන් පිටව ගිය විදේශීය ක්‍රීඩකයින් සහ සහායක කාර්ය මණ්ඩලය නැවත ගෙන්වා ගැනීම මේ වනවිට කණ්ඩායම් සියල්ලට අභියෝගයක් වී තිබෙනවා.

World News