Latest News

හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙකු ජීවන ඉනිම නිම කරයි

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඔස්ට්‍රේලියානු හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන බොබ් කව්පර් ඊයේ (11) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

1940 වසරේදී මෙල්බර්න් හිදී උපත ලැබූ ඔහු මියයන විට 84 වැනි වියේ පසුවුණා.

වසර 1964ත් 68ත් කාලසීමාවේ ඔස්ට්‍රේලියාව නියෝජනය කළ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන කව්පර් තරග 27කට එක්ව තිබෙනවා.

දක්ෂ වමත් පිතිකරුවෙකු වන මොහු ඔස්ට්‍ර්‍ර්ලියාව නියෝජනය කරමින් ටෙස්ට් ඉනිම් 46කදී ලකුණු 2061ක් රැස්කර තිබුණා.

ඊට ශතක 5ක් හා අර්ධ ශතක 10ක් ඇතුළත්.

ඔහුගේ දක්ෂතා අතර කැපී පෙනෙන සිදුවීම වූයේ 1966 වසරේ සුප්‍රසිද්ධ මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී එංගලන්තයට එරෙහිව ක්‍රීඩාකළ ත්‍රිත්ව ශතක ඉනිමයි.

පැය 12ක පමණ කාලයක් පිටියේ රැඳි සිටිමින් ඔහු ක්‍රීඩා කළ එම ත්‍රිත්ව ශතකය හේතුවෙන් ඔහුට සිට රටේදී ත්‍රිත්ව ශතකයක් රැස්කළ පළමු පිතිකරුවා වීමට හැකියාව ලැබුණා.

2003 දී මැතිව් හේඩන් සිම්බාබ්වේට එරෙහිව ලකුණු 380ක් ලබා ගන්නා තෙක් ඔස්ට්‍රේලියාවේදී ත්‍රිත්ව ශතකයක් රැස්කළ එකම ඔස්ට්‍රේලියානුවා වූයේ මොහුයි.

World News