Latest News

වැඩිහිටියන්ට වඩා දෙගුණයකින් දරුවන්ගේ පිළිකා අවදානම වැඩි කරන ගෘහ උපකරණ ගැන අනාවරණයක්

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉහළ භාවිතයක් සහිත ගෑස් උදුන් ප්‍රමාණවත් වාතාශ්‍රයක් නොමැති නිවාසවල තිබීමෙන් පිළිකා අවදානම සැලකිය යුතු ලෙස වැඩි වන බව ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ පර්යේෂණයකින් සොයාගෙන තිබෙනවා.

එවන් නිවාස හිමියන් විදුලි උදුන් වෙත මාරු වීම සම්බන්ධයෙන් සලකා බැලිය යුතු බවයි පර්යේශකයින් පෙන්වා දෙන්නේ.

මෙමඟින් වැඩිහිටියන්ට වඩා දෙගුණයකින් පමණ ළමුන් තුළ පිළිකා අවදානම වැඩි කරන බවද නව අධ්‍යයනය මගින් අනාවරණ වී තිබෙනවා.

පෙට්‍රල්, සිගරට් දුම සහ තීන්ත ඉවත් කරන ද්‍රව්‍ය වල අඩංගු විෂ සහිත ද්‍රව්‍යයක් වන බෙන්සීන් පිළිකා කාරකයක් ලෙස හඳුනාගෙන ඇති අතර, එය පිළිකා ඇති කළ හැකි ද්‍රව්‍යයක් බවයි හෙළි වී තිබුණේ.

බෙන්සීන් මට්ටම් ඉහළ යාම හේතුවෙන් දිගුකාලීනව ලියුකේමියාව සහ විවිධ රුධිර පිළිකාහටගන්නා තත්වයන්ද පවතින බවද සමීක්ශකයින් පෙන්වා දෙනවා.

World News