Latest News

සංක්‍රමණිකයන් සඳහා බ්‍රිතාන්‍ය රජයෙන් දැඩි තීරණයක්

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සංක්‍රමණිකයන් සඳහා වන වීසා ප්‍රතිපත්ති දැඩි කිරීමට බ්‍රිතාන්‍ය රජය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

රැකියා වීසා යටතේ බ්‍රිතාන්‍ය පැමිණෙන පිරිස සීමා කිරිමේ අරමුණෙන් බ්‍රිතාන්‍ය රජය මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව අද (12) දිනයේදී අදාළ නව ප්‍රතිපත්ති ඇතුළත් ඉමිග්රේඇෂන් වයිට් පේපර් නමැති ලේඛණය එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පුහුණු ශ්‍රමිකයින් සඳහා වීසා ලබාදීමේදී ඔවුන්ගේ උසස් අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ වැඩි අවධානයක් යොමුකර ඇති අතර නුපුහුණු ශ්‍රමිකයින් එරටට ගෙන්වා ගැනීම සීමා කිරීමට ද බ්‍රිතන්‍ය රජය තීරණය කර තිබෙනවා.

එමෙන්ම නුහුපුණු ශ්‍රමිකයින් බඳවා ගැනීමේදී යම් කාලසීමාවකට යටත්ව ඔවුන් බඳවා ගැනීමට නියමිත බවද වාර්තා වනවා.

විදෙස් ශ්‍රමිකයින් යොදවාගන්නා කර්මාන්තයන් හඳුනාගෙන ඒවාට පමණක් ඔවුන් අනුයුක්ත කිරීමේ වැඩපිළිවෙලක්ද හඳුන්වාදීමට නියමිතයි.

World News