Latest News

ලෝක වෙළෙඳ සංවිධානය විසින් අමරිකාවට නඩු පැවරීමට සූදානමක්

Published 3 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමරිකාව සාකච්ඡා මගින් ගිවිසුම් ගත වීමට අපොහොසත් වුවහොත් ඊට ප්‍රතිපියවර ක්‍රියාත්මක විය හැකි බවට නිවේදනයෙක් නිකුත් කරමින් යුරෝපා සංගමය අනතුරු අඟවා තිබෙනවා.

යුරෝ බිලියන 95 ක් එනම් අමරිකානු ඩොලර් බිලියන 107.2ක් වටිනා අමරිකානු ආනයන ඉලක්ක කර ගනිමින් යුරෝපා කොමිසම මහජන උපදේශනයක් දියත් කර තිබෙනවා.

වයින්, ශීත කළ මස්, ගුවන් යානා, මෝටර් රථ සහ මෝටර් රථ කොටස්, රසායනික ද්‍රව්‍ය, විදුලි උපකරණ, සෞඛ්‍ය සේවා නිෂ්පාදන සහ යන්ත්‍රෝපකරණ ඇතුළු පුළුල් පරාසයක අමරිකානු කාර්මික සහ කෘෂිකාර්මික භාණ්ඩ මෙම උපදේශනය මගින් ආවරණය කෙරෙනවා.

වර්තමානයේ, යුරෝපා සංගමය වානේ, ඇලුමිනියම් සහ මෝටර් රථ සඳහා 25% ක අමරිකාවේ තීරුබදු පැනවීමට මුහුණ දෙන අතර අනෙකුත් බොහෝ අපනයන සඳහා 10%ක මූලික තීරුබදු පියවර ද ක්‍රියාත්මක වනවා.

ජූලි 8 වන දිනෙන් අවසන් වීමට නියමිත දින 90 ක තීරුබදු ගිවිසුමක් අවසන් කිරීමට මෙම කණ්ඩායම සූදානම් වෙමින් සිටින අතර අමරිකාව කිසිදු ගිවිසුමකට එළඹෙන්නේ නැත්නම්, විශ්වීය තීරුබදු සියයට 20 දක්වා ඉහළ යා හැකි බවයි වාර්තා වන්නේ.

ඒ සමඟම, යුරෝපා සංගමය වාහන සහ වාහන අමතර කොටස් සඳහා ඊනියා “අන්‍යෝන්‍ය” තීරුබදු පියවරයන්ට එරෙහිව ලෝක වෙළඳ සංවිධානයට පැමිණිල්ලක් යොමු කරන බව කොමිසම නිවේදනය කළා.

අමරිකානු තීරුබදු පියවර ලෝක වෙළඳ සංගමයෙහි මූලික නීති උල්ලංඝනය කරන බවට තර්ක කරන යුරෝපා සංගමය ඒ සඳහා උපදේශන ඉල්ලා තිබෙනවා.

යුරෝපා සංගමෙහි අරමුණ වන්නේ ජාත්‍යන්තරව එකඟ වූ නීති වැදගත් බව නැවත තහවුරු කිරීම වන අතර, අමරිකාව ඇතුළු ඕනෑම ලෝක වෙළඳ සංගමයේ සාමාජිකයෙකුට එම නීති ඒකපාර්ශ්විකව නොසලකා හැරිය නොහැකි බව ප්‍රකාශයේ අවධාරණය කර තිබෙනවා.

අමරිකාවට සිදු කරන යුරෝපා සංගම් අපනයනවලින් යුරෝ බිලියන 379 ක්, එනම් සියයට 70 කට ආසන්න ප්‍රමාණයක් නව තීරුබදු මගින් බලපෑමට ලක්ව තිබෙනවා.

මෙම තීරුබදු ව්‍යාපාරයෙන් පිරිවැය වැඩි කර, ආර්ථික වර්ධනය මන්දගාමී කර, උද්ධමනය ඉහළ දමා ඇති අතර, ගෝලීය ආර්ථික අවිනිශ්චිතතාවය ඉහළ යාමට ද හේතුවක් වී තිබෙනවා.

ජුනි 10 වන දින දක්වා යෝජිත පියවරයන් පිළිබඳ ප්‍රතිපෝෂණ ඉදිරිපත් කිරීමට පාර්ශවකරුවන්ට ආරාධනා කෙරෙනු ඇති.

වොෂින්ටනය සමඟ සාකච්ඡා බිඳ වැටුණහොත්, තීරුබදු පැනවීමේ නීතිමය පනතක් කඩිනමින් ක්‍රියාත්මක කළ හැකියි.

ආරවුල සම්බන්ධයෙන් යුරෝපා සංගමය ලෝක වෙළඳ සංවිධානයෙන් විධිමත් ලෙස උපදේශන ඉල්ලා ඇති අතර, දෙපාර්ශ්වයටම අන්‍යෝන්‍ය වශයෙන් පිළිගත හැකි විසඳුමකට එළඹීමට මාස දෙකක් දක්වා කාලයක් ගතවනු ඇති.

එකඟතාවකට නොපැමිණියේ නම්, එය විනිශ්චය කිරීම සඳහා ආරවුල් මණ්ඩලයක් පිහිටුවීමට යුරෝපා සංගමයට ඉල්ලා සිටිය හැකියි.

World News