UPDATE: 09:13 AM (SRI LANKA TIME): කොත්මලේ – ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරින් මියගිය ගණන 11 දක්වා ඉහළ ගොස් තිබෙන බව පොලිසිය පවසනවා.
________________________________________________________________________________________________________________________
නුවරඑළිය – ගම්පොළ ප්‍රධාන මාර්ගයේ කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී අනතුරක් සිදුව තිබෙනවා.
මෙම අනතුරින් පුද්ගලයින් 08 දෙනෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ඒ කාන්තාවන් 03 දෙනෙකු සහ පිරිමි 05 ක් දෙනෙකු බවයි පොලීසිය පැවසුවේ.
කතරගම සිට කුරුණෑගල දක්වා ධාවනය වන ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වුණේ.
එමෙන්ම තවත් පුද්ගලයින් 35 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා රෝහල් ගතකර ඇති බව ද සඳහන්.




PHOTOS COURTESY: Accident First