දකුණු චීන මුහුදේ අමරිකාව සහ පිලිපීනය සමඟ තවත් ඒකාබද්ධ හමුදා අභ්‍යාසයක් පැවැත්වීම සම්බන්දයෙන් චීන විදේශ අමාත්‍යාංශය විසින් ඕස්ට්‍රේලියාව දැඩි ලෙස විවේචනය කර තිබෙනවා.
ඔවුන් සදහන් කරන්නේ මෙම රටවල් තුනම කරදර ඇති කිරීමට උත්සාහ කරන බවයි.
The Royal Australian Navy’s destroyer HMAS Sydney නෞකාවද මෙම ඒකාබද්ධ හමුදා අභ්‍යාසය එක් වුණා.
ඊට සමගාමීව පිලිපීන නාවික හමුදා මිසයිල නෞකාවක්, අමරිකා සහ පිලිපීන ගුවන් යානා සමඟ එක්වී මෙම අභ්‍යාස පවත්වනු ලැබුවා.
පසුගිය මාස 18 තුළ චීන වෙරළාරක්ෂක භටයින් සහ පිලිපීනයේ යාත්‍රා අතර ගැටුම් උත්සන්න වී තිබුණා.
අමරිකාව, ජපානය, ඕස්ට්‍රේලියාව සහ කැනඩාව ඇතුළු රටවල් කිහිපයක් මෙහිදී පිලිපීනය සමඟ ඒකාබද්ධ හමුදා අභ්‍යාස වේගවත් කිරීමෙන් ඊට ප්‍රතිචාර දක්වා තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
චීනයේ විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Lin Jian බීජිං වාර්තාකරුවන්ට පැවසුවේ අමරිකාව විසින් පිලිපීනය චීනයට එරෙහිව “ඉත්තෙකු” ලෙස භාවිතා කරන බවයි.
අමරිකාව සහ කලාපයෙන් පිටත අනෙකුත් රටවල් දකුණු චීන මුහුදේ කුඩා කණ්ඩායම් එකතු කරගෙන සහයෝගීතාවයේ නාමයෙන් ගැටුම් ඇති කිරීමට උත්සාහ කරන බවටද ඔහු චෝදනා කළා.
මේ අතර නිදහසේ නාමයෙන් හමුදා බලය යෙදවීම සහ සාමය ආරක්ෂා කිරීමේ නාමයෙන් කරදර ඇති කිරීමද හෙලා දකින බවයි ඔහු සදහන් කළේ.