ගාසා තීරයට මානුෂීය ආධාර ලබාදීමට අමෙරිකාව විසින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව ආධාර සැපයීම ඊශ්‍රායලය තුන්වන මසටත් අඛණ්ඩව අවහිර කිරීම හේතුවෙන් ජගත් සංවිධානයේ අනතුරු ඇගවීම නොතකා පෞද්ගලික සමාගම් හරහා මානුෂීය ආධාර සැපයීමට ඇමෙරිකාව සැලසුම් කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එමෙන්ම, හමාස් සංවිධානය ආධාර සොරකම් කිරීම වැළැක්වීම සඳහා ආරක්ෂක කොන්‍ත්‍රාත්කරුවන් විසින් බෙදා හැරිමේ මධ්‍යස්ථාන ඔස්සේ මිලියනයකට අධික පිරිසකට ආහාර හා අනෙකුත් සැපයුම් ලබාදෙන බව ඊශ්‍රායලයේ එක්සත් ජනපද තානාපති මයික් හකබී ප්‍රකාශ කර තිබෙනවා.
මේ අතර, ඊශ්‍රායලය දිගින් දිගටම ගාසා තීරයට ආහාර සැපයීමට බාධා කිරීම හේතුවෙන් එහි ජනතාවගේ මන්දපෝෂණ තත්ත්වය ඉහළ ගොස් තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.