Latest News

චීන භාණ්ඩ සඳහා අමෙරිකාවේ තීරු බදු ගැන ට්‍රම්ප්ගෙන් කොළ එළියක්

Published 2 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

චීන භාණ්ඩ සඳහා අමෙරිකා තීරු බදු පහත වැටිය හැකිය බවට අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉගි පළ කර තිබෙනවා.

ලොව විශාලතම ආර්ථිකයන් දෙකෙහි ඉහළ පෙලේ වෙළද නිලධාරීන් සාකච්ඡා පැවැත්වීමට නියමිත බැවින් මෙම සහනය ලැබෙනු ඇති බවයි ට්‍රම්ප් පවසා ඇත්තේ.

එක්සත් රාජධානිය සමග තීරුබදු ගිවිසුමකට එළඹීමේ උත්සවයේදී අමෙරිකා ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

පසුගිය මාසයේදී ඇමෙරිකාව ලොව පුරා රටවලට දැඩි තීරුබදු පැනවීමෙන් අනතුරුව එළඹි පළමු ගිවිසුම මෙයයි.

මේ අතර චීන – අමෙරිකා නියෝජිතයන් අතර හමුව මේ සතිඅන්තයේ ස්වීට්සර්ලන්තයේදී පැවැත්වීමට නියමිතයි.

මේ සම්බන්ධයෙන් චීන විදේශ කටයුතු නියෝජ්‍ය ඇමතිවරයා ද පවසා ඇත්තේ ඇමෙරිකාව සමග වෙළෙද ගැටලු කළමනාකරණය කළ හැකි බවට චීනයට පූර්ණ විශ්වාසයක් පවතින බවයි.

World News