Latest News

රුසියාව හුදෙකලා නොවන බව බටහිර ලෝකයට පෙන්වීමට සිදු කළ දේ

Published 3 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

රුසියාවේ යුද විජයග්‍රාහී දින සැමරුම මොස්කව් හි රතු චතුරස්‍රයේ දී පැවැත්වුණා.

දෙවන ලෝක යුද්දයේ දී නාසි ජර්මනියට එරෙහිව සෝවියට් සංගමය ලැබු ජගය්‍රහණය සැමරීම සඳහා වාර්ෂිකව මැයි 09 වනදා මෙම දිනය සමරනු ලබනවා.

අද පැවැත්වුණේ එහි 80 වන සංවත්සරයයි.

රුසියාව හුදෙකලා නොවන බව බටහිර ලෝකයට පෙන්වීම සඳහා මෙම සැමරුම විචිත්‍රවත්ව පැවැත්වුණ බවයි වාර්තා වුයේ.

චීන ජනාධිපති ෂි ජින් පින්ග් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ඊට එක්වුණා.

රුසියා, චීන ජනපතිවරුන් මොස්කව් හි රතු චතුරස්‍රය හරහා දහස් ගණන් භට පිරිස් සිදුකරන පෙළපාලි නරඹමින් සිටියා.

තවත් ලෝක නායකයින් කිහිපදෙනෙකුම ඊට සහභාගී වී තිබෙනවා.

බ්‍රසීල, ඊජිප්තු, සර්බියා, වෙනිසියුලා සහ පලස්තීන නායකයන් ඒ අතර වනවා.

කියුබාව ඇතුලු තවත් රටවල් කිහිපයක් සිය නියෝජිතයන් ඒවා තිබෙනවා.

World News