Latest News

ඔස්ට්‍රේලියාවේ ජනතාව අනිවාර්යයෙන් ලබාගත යුතු එන්නතක් ගැන දැනුම්දීමක්

Published 5 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බටහිර ඔස්ට්‍රේලියාවේ ජනතාව Flu Vaccination ලබා ගැනීමේ අවශ්‍යතාව පෙන්වා දී තිබෙනවා.

ජාතික නීරෝධායන පර්යේෂණ සහ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ දත්ත අනුව බටහිර ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 65ට අඩු උණ එන්නත ලබා ගත් පුද්ගලයන්ගේ ප්‍රතිශතය ඉතා අඩු අගයක පවතිනවා.

2025 මැයි 4 වන දිනට වයස අවුරුදු 5 සිට 15 දක්වා දරුවන්ගෙන් උණ එන්නත ලබාගෙන තිබූ ප්‍රතිශතය 1.8% ක් පමණයි.

ඒ අනුව ජුනි මස අවසානය තෙක් බටහිර ඔස්ට්‍රේලියාවේ ජනතාවට නොමිලේ උණ එන්නත ලබා ගැනීමට දිනයක් හා වේලාවක් වෙන්කරවා ගැනීමේ හැකියාව පවතිනවා.

Influenza සහ RSV වලින් ආරක්ෂා වීම සඳහා එන්නත් ලබාගනීමේ අවශ්‍යතාව සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබෙනවා.

Perth ළමා රෝහලේ ළමා වෛද්‍ය වෘත්තිකයෙකු වන මහාචාර්ය Chris Blyth පෙන්වා දෙන්නේ, උණ සමය ආරම්භ වීමට පෙර බටහිර ඔස්ට්‍රේලියාවේ ජනතාව එන්නත් ලබාගැනීම අත්‍යවශ්‍ය බවයි.

World News