Latest News

ශ්‍රී ලංකාවෙන්, ඉන්දියාවට ගිය ජැකලින් සුපිරි ආයෝජනයකට අත ගසයි

Published 5 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දියානු චිත්‍රපට තරු ඔවුන්ගේ සුඛෝපභෝගී ජීවන රටාවන් සඳහා ප්‍රසිද්ධයි.

බොහෝ විට පෞද්ගලික ජෙට් යානා, සුඛෝපභෝගී මෝටර් රථ සහ දැවැන්ත බංගලා ඔවුන් ප්‍රදර්ශනය කරනවා.

එහෙත්, ඒ අතරින් එක් බොලිවුඩ් නිළියක් සුවිශේෂී දුර්ලභ වත්කමක් සමඟ කැපීපෙනන අතර එය පෞද්ගලික දූපතක් වනවා.

දශක දෙකකට වැඩි කාලයක් ඉන්දියානු චිත්‍රපට කර්මාන්තයේ කොටසක් වූ ශ්‍රී ලාංකික නිළියක් වන ජැකලින් ෆර්නැන්ඩස්, එලෙස පෞද්ගලික දූපතක් හිමි බවට වාර්තා වී ඇති එකම බොලිවුඩ් නිළියයි.

ශ්‍රී ලංකාවේ දකුණු වෙරළට ඔබ්බෙන් පිහිටා ඇති අක්කර හතරක දූපතක් 2012 දී ජැකලින් විසින් ඩොලර් 600,000 කට පමණ මිලදී ගෙන ඇති අතර, එය එකල ඉන්දීය රුපියල් කෝටි 3 ක් පමණ වූ බවයි Hindustan Times වාර්තා කරන්නේ.

ඇගේ සම වයසේ මිතුරන් බොහෝදෙනෙක් සුඛෝපභෝගී නිවාස හෝ අන්තර්ජාතික දේපළ සඳහා ආයෝජනය කළද, දූපතක් අත්පත් කර ගැනීමට ජැකලින් ගත් තීරණය ඇයව සුවිශේෂී කර පෙන්වනවා.

එම දුපත මිලදී ගැනීමේදී වාර්තා වූයේ ඇය එහි සුඛෝපභෝගී ‘විලා එකක්’ ඉදිකිරීමට අදහස් කළ බවයි.

කෙසේවෙතත්, මෙම ව්‍යාපෘතිය ඇගේ පෞද්ගලික නිවාඩු නිකේතනය සඳහාද නැතහොත් සංචාරක අරමුණු සඳහා බදුදීම වැනි වාණිජමය භාවිතය සඳහාද යන්න තවමත් පැහැදිලි නැහැ.

දූපතේ සංවර්ධනය පිළිබඳ තොරතුරු අනාවරණය වී නොමැති වුවද, ජැකලින් තවමත් එහි හිමිකාරිය ලෙසයි සැලකෙන්නේ.

World News