Latest News

යුපුන් අද තරග බිමට

Published 5 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා වන ශ්‍රී ලංකා මලල ක්‍රීඩක යුපුන් අබේකොන් ඩුබායිහී පැවත්වෙන ග්‍රෑන්ඩ් ප්‍රික්ස් තරගාවලියේ මීටර් 100 ශ්‍රී ලංකා සහය දිවීමේ ඉසව්වට අද එක්වීමට නියමිතයි.

එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද ‍රාත්‍රී 9.30ට ආරම්භ වනු ඇති.

2019 වසරේ දෙසැම්බර් මාසයේ නේපාලයේ පැවති දකුණු ආසියාතික තරගාවලියේදී යුපුන් ශ්‍රී ලංකා සහය දිවීමේ කණ්ඩායමට රන් පදක්කමක් ලබා දීම සදහා දායකත්වය ලබා දුන්නා.

යුපුන් සමඟ එම කණ්ඩායමට චමොද් යෝධසිංහ,මෙරෝන් විජේසිංහ, දිනෙත් වීරරත්න සහ චමොද් දිසානායක එක්වීමට නියමිතයි.

World News