Latest News

යුද ගැටුම් මැද IPL තරගාවලියට කණ කොකා හඬයි

Published 3 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

ඒ ඉන්දියාව සහ පාකිස්තානය අතර මතුව ඇති යුදමය තත්ත්වය මධ්‍යයේයී.

අයි.පී.එල් තරග සංවිධායකයින් තරගාවලිය දින නියමයක් නොමැතිව අත්හිටුවා ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

පන්ජාබ් කිංග්ස් සහ දිල්ලි කැපිටල්ස් අතර ඊයේ (08) ධර්මශාලා හිදී පැවති තරගය හදිසියේ අවලංගු කිරීමෙන් පසු මෙලෙස තරගාවලිය දින නියමයක් නොමැතිව අත්හිටුවීමටයි කටයුතු කර ඇත්තේ.

ඉන්දියානු නගරවලට පාකිස්තානයෙන් එල්ල වූ ගුවන් ප්‍රහාර හේතුවෙන් ඊයේ තරගය මෙලෙස අවලංගු කිරීමට කටයුතු කර තිබුණා.

මෙම තරගය අවලංගු කිරීමත් සමඟ දිල්ලි සහ පන්ජාබ් ක්‍රීඩකයින් විශේෂ දුම්රියක් මඟින් ධර්මශාලා හි සිට රැගෙන ඒමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර දෙඅර අතර පවතින මෙම යුදමය තත්ත්වය මාධ්‍යයේ පාකිස්තාන සුපර් ලීග් 20-20 තරගාවලියට ද බාධාවක් වී තිබෙනවා.

පාකිස්තානයෙ මේ දිනවල පැවැත්වෙන් එම තරගාවලියේ ඉතිරි තරග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට තීරණය කර ඇති බව වාර්තා වුණා.

World News