Latest News

සම පිළිස්සුණු රෝගීන්ට සුබ පණිවිඩයක්

Published 5 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සම පිළිස්සුම් රෝගීන්ගේ ජීවිත වෙනස් කළ හැකි ලොව ප්‍රථම සාර්ථක අත්හදා බැලීමක් සිඩ්නි රෝහලකින් වාර්තා වනවා.

ඒ අනුව පිළිස්සුම් රෝගියෙකු මතට 3D මුද්‍රිත සම ආලේප කිරීමේ පළමු සාර්ථක සායනික අත්හදා බැලීමක් සිඩ්නි ප්‍රධාන රෝහලක් විසින් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

Rebecca Torbruege නම් මෙම රෝගියා go-kart එකක පළමු වරට ගමන් කරන අතරතුර බරපතල පිළිස්සීමකට ලක්වුණා.

ඇය 3D මුද්‍රිත සම ආලේප කළ ලොව පළමු රෝගියා ද වනු ඇති.

ඇය පවසන්නේ එම අත්හදා බැලීමේදී කිසිදු වේදනාවක් දැනී නොමැති බවයි.

තුවාලය ඉතා ඉක්මනින් හා වේගයෙන් සුව වී වර්ණය තවමත් දම් පැහැයෙන් යුත් නමුත් එය අවසානයේ මැකී යනු ඇතැයි වෛද්‍ය Joanneke Maitz පැවසුවා.

වෛද්‍යවරයා තවදුරටත් පැහැදිලි කරමින් කියාසිටියේ රෝගියාගේ සමේ බයොප්සි පරීක්ෂණයක් ගෙන 3D මුද්‍රණ යන්ත්‍රයක් මගින් එය ප්‍රතිනිර්මාණය කර පසුව Concord රෝහලේ පිළිස්සුම් ඒකකයේ ශල්‍ය කර්මයකදී ඇගේ තුවාලය මතට ආලේප ඉසින බවයි.

ඒ සඳහා රෝගියාගේ සමේ සෛල building blocks ලෙස භාවිතා කර පසුව සෛලයෙන් සමේ සෛල සෑදීම සඳහා විශේෂිත මුද්‍රණ යන්ත්‍ර භාවිතා කරනු ලබන බව ඔහු කියා සිටියා.

රෝගීන් පස් දෙනෙකුට දැනටමත් 3D මුද්‍රිත සමක් ලැබී ඇති අතර ප්‍රතිඵල සමාලෝචනය කිරීමට පෙර ඉදිරි මාස කිහිපය තුළ තවත් පස් දෙනෙකු අත්හදා බැලීමට නියමිත බවද සිඩ්නි රෝහල් වෛද්‍යවරයා සඳහන් කළා.

World News