ඩ්‍රෝන යානා සහ මිසයිල උපයෝගී කරගනිමින් තම හමුදා කඳවුරු 03කට ප්‍රහාර එල්ල කළ බවට ඉන්දියාව එල්ල කරන චෝදනාව පාකිස්ථානය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
කෙසේ වෙතත් ඉන්දීය පරිපාලනයේ පවතින කාෂ්මීරයේ – ජම්මු, උදම්පූර් සහ පංඡාප් ප්‍රාන්තයේ පතන්කෝට්හි පැවති තම කදවුරුවලට එල්ල කළ ප්‍රහාර ව්‍යාර්ථ කළ බවයි ඉන්දියාව සඳහන් කළේ.
මෙලෙස ප්‍රහාර එල්ල කිරීමත් සමග මෙම ප්‍රදේශවල විදුලිය ද විසන්ධි වුණා.
මේ අතර, අමෙරිකාව චෝදනා කළේ, පාකිස්ථානය, පසුගියදා ඉන්දීය යානා දෙකක් බිම හෙලුවේ චීනයේ උපකාරයෙන් බවයි.