Latest News

සිස්ටයින් දෙව් මැදුරු කවුළුවෙන් දෙවැනි දිනටත් කළු දුමාරයක්

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

නව පාප් වහන්සේ තෝරා පත්කර ගැනීමේ දෙවන වටයේ ඡන්ද විමසීම තීරණයකින් තොරව අවසන් වී තිබෙනවා.

ඒ අනුව සිස්ටයින් දෙව් මැදුරු කවුළුවෙන් අද දිනයේදී ත් (08) කළු දුමාරයක් පිටවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

රහසිගත ඡන්ද විමසීමේ පළමු දිනය වූ ඊයේ නව පාප්වරයෙකු තෝරා පත්කරගැනීමට නොහැකි වු බවයි වතිකානය ඊයේ නිවේදනය කළේ.

වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවට රැස්වු ලොවපුරා කාදිනල්හිමිවරු ඡන්ද විමසීමේ කටයුතු වලට සහභාගී වුණේ.

ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීමෙන් පසු එම ධුරය සදහා සිදු කෙරෙන තෝරා ගැනීමේදී ලොව පුරා කාදිනල්හිමිවරුන් 133 දෙනෙකු සුදුසුකම් ලබා සිටිනවා.

World News