Latest News

මියන්මාර සයිබර් කඳවුරුවල සිටි තවත් ශ්‍රී ලාංකිකයන් පිරිසකට නිදහස

Published 4 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මියන්මාරයේ සයිබර් කඳවුරු තුළ රඳවා තබාගෙන සිටි ශ්‍රී ලාංකික තරුණයන් 15 දෙනෙකු, එයින් මුදා ගෙන ඊයේ (07) දින උදෑසන සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානය ( International Organization for Migration ) විසින් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණා.

WESL News ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා රජය තායිලන්ත සහ මියන්මාර රජය සමග සිදු කළ රාජතාන්ත්‍රික මෙහෙයුමකින් අනතුරුව මෙම පිරිස මියන්මාරයේ සයිබර් කඳවුර තුළින් මුදාගෙන මෙරටට ගෙන ඒමට හැකි වී ඇති බවයි.

මෙම 15 දෙනා ම පිරිමි පුද්ගලයන් වන අතර ඔවුන් මියන්මාරයේ, මියවැඩි නමැති ප්‍රදේශයේ පිහිටි සයිබර් කඳවුර තුළින් මුදාගෙන, දේශසීමාව ඔස්සේ තායිලන්තය වෙත රැගෙන විත් තිබුණා.

ඉන්පසු මොවුන් තායිලන්තයේ බැංකොක් නුවර සිට ඊයේ උදෑසන 10.30 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබූ බවයි වාර්තා වන්නේ.

මියන්මාරයේ සිට තායිලන්තය දක්වාත් එතැන් සිට කටුනායක ගුවන් තොටුපොළ දක්වාත් මොවුන් රැගෙන ඒමේ වගකීම සහ ඒ සඳහා වූ බරපැන සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානය විසින් දරා තිබුණා.

මොවුන් සියලු දෙනාගේ නිශ්කාශන කටයුතු නිමා කර ඊයේ සවස 05.30 ට පමණ කටුනායක ගුවන් තොටුපොළෙන් ඔවුන්ගේ ගම්බිම් බලා පිටත්ව යාම සඳහා නිදහස් කර තිබූ බවයි වාර්තා වන්නේ.

World News