Latest News

අධිවේගයේ අනතුරකින් 12ක් රෝහලට

Published 6 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පාලටුව පිවිසුම ආසන්නයේ දි සිදුවූ රිය අනතුරකින් 12 දෙනෙකු තුවාල ලැබුවා.

මාතර, අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් මාර්ගය අයිනේ නවතා තිබූ කන්ටේනර් රථයක පිටුපස ගැටීමෙනුයි මෙම අනතුර සිදුවුණේ.

අනතුරින් වෑන් රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කෙරුණා.

ඔවුන් කටුනායක ගුවන්තොටුපොළට ගොස් නැවත පැමිණෙමින් සිටි පිරිසක් බවයි අනාවරණය වුණේ.

ඔවුන් මාතර මුලටියන ප්‍රදේශයේ පදිංචිකරුවන්.

රියදුරුට නින්ද යාමෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවට පොලිසිය සැක පළ කරනවා.

අනතුර සම්බන්ධයෙන් මාලිම්බඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

World News