Latest News

ඉන්දු – පාකිස්තාන යුදමය තත්ත්වය තවදුරටත් උත්සන්න වන බවට ඉඟි

Published 7 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දියාවේ ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්වීම සඳහා පාකිස්තානු සන්නද්ධ හමුදාවන්ට බලය පවරා ඇති බව එරට අගමැති ෂෙබාස් ෂරීෆ්ගේ කාර්යාලය නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ඒ අනුව එම වාර්තා පෙන්වා දෙන්නේ මේ හරහා ඉන්දු – පාකිස්තාන යුදමය තත්ත්වය තවදුරටත් උත්සන්න වන බවට ඉඟි පළකරන බවයි.

මේ අතර ඉන්දු – පාකිස්තාන ගැටුම්වලින් දෙපාර්ශවයටම හානි සිදුවී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

පාකිස්තාන ප්‍රහාරවලින් දසදෙනෙකු මිය ගොස් තිස්දෙදෙනෙකු තුවාල ලබා ඇති බව ඉන්දියාව පවසද්දි පාකිස්තානය පවසන්නේ ඉන්දීය ප්‍රහාරවලින් 26 දෙනෙකු මිය ගොස් 46 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

අද උදෑසන ඉන්දියාව, පාකිස්තානයට සහ පාකිස්තාන පාලනය යටතේ පවතින කාශ්මිරයේ ප්‍රදේශවලට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කළා.

මෙය පාකිස්තානයේ ස්වෛරීභාවය පැහැදිලිවම උල්ලංඝනය කිරීමක් බවට එරට විදේශ අමාත්‍යාංශය චෝදනා කරනවා.

එසේම මෙය කලාපයේ සාමය සහ ස්ථාවරත්වයට බරපතළ තර්ජනයක් ඇති කරන බව ද පාකිස්තාන විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සදහන්.

මෙම ප්‍රහාරත් සමග ඉන්දියාවේ කොටස් වෙළදපොළ පහත වැටී තිබෙනවා.

ඉන්දියාවට සහ එහි ජනතාවට එල්ල වන ඕනෑම ප්‍රහාරයකට සුදුසු ප්‍රතිචාර දක්වන බවයි මෝදි රජය පවසා ඇත්තේ.

මෙම ප්‍රහාර සමග ප්‍රධාන ගුවන් සමාගම් පාකිස්තාන ගුවන් කලාපය මගහැර යාමට තීරණය කර තිබෙනවා.

ඒ සමග දෙරටේම ගුවන් තොටුපළ රැසක් වසා දමා ඇති බවයි වාර්තා වන්නේ.

ටිබටයෙන් ආරම්භ වී චීනය සහ ඉන්දීය පාලිත කාශ්මිරය හරහා පාකිස්තානයට ළගා වන ඉන්දු ගංගාවේ ජලය පාකිස්තානයට ලබාදීම ඉන්දියාව මේ වන විටත් නතර කර තිබෙනවා.

ඉන්දියාව, පාකිස්තානයේ කීර්තිමත් පුද්ගලයන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් අවහිර කර තිබෙනවා.

පාකිස්තාන නළුවෙකු ප්‍රධාන චරිතය රගපාන චිත්‍රපටයක් ද ප්‍රදර්ශනයෙන් ඉවත්කර තිබෙනවා.

ඉන්දියාව අද ආරම්භ කළ මෙහෙයුම සින්දූර් නමින් හදුන්වනවා.

මෙම මෙහෙයුම මිසයිල ප්‍රහාරයක් වීම තත්ත්වය වඩාත් බරපතළ වීමට හේතුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පාකිස්තානය සහ පාකිස්තාන පරිපාලනයේ පවතින කාශ්මිරයේ ස්ථාන 9කට ඉන්දියාව මිසයිල ප්‍රහාර එල්ල කළ බව පාකිස්තානය පවසනවා.

ඉන්දීය හමුදාව කාශ්මීර දේශසිමාවේ සුදු කොඩි ඔසවා ඇති බවට පාකිස්තානය චෝදනා කරනවා.

ඉන්දීය ගුවන් යානා පහක් සහ ඩ්‍රෝන යානයක් වෙඩි තබා බිම දැමු බව මේ අතර පාකිස්තානය පවසනවා.

පසුගිය මාසයේ ඉන්දීය පාලන ප්‍රදේශයට එල්ල වු පාකිස්තාන ප්‍රහාරයත් සමගයි දෙපාර්ශවය අතර ගැටුම් උත්සන්න වුයේ.

World News