Latest News

වසර හතරකට පසු, බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරයක

Published 7 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

වසර හතරකට පසු, ලබන ජුනි මාසයේදී පළමු වරට බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වනවා.

මෙම තරගාවලියට ටෙස්ට්, එක්දින සහ පන්දුවාර විස්ස යන ආකෘති තුනේම තරග ඇතුළත් වීම විශේෂත්වයක්.

ඒ අනුව ජුනි සහ ජූලි මාසයේදී මෙම කණ්ඩායම් දෙකම ටෙස්ට් තරග දෙකක්, එක්දින තරග තුනක් සහ විස්සයි 20 තරග තුනක් ලෙස තරග වදිනු ඇති.

ටෙස්ට් තරගාවලිය ඇතුළත් වන්නේ ලෝක ටෙස්ට් ශූරතාවලිය සඳහායි.

ටෙස්ට් තරග දෙක ජුනි මාසයේදී ගාල්ලේ සහ කොළඹදී පැවැත්වෙනවා.

ඉන්පසුව ජූලි 2, 5 සහ 8 යන දිනවල එක්දින තරග තුනක් පැවැත්වීමට නියමිතයි.

පළමු එක්දින තරග දෙක කොළඹදී පැවැත්වීමට නියමිත අතර අවසන් තරගය පල්ලෙකැලේහිදී පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

පන්දුවාර විස්සයි 20 තරග තුන, ජූලි 10, 13 සහ 16 යන දිනවල පල්ලෙකැලේ, දඹුල්ල සහ කොළඹදී පැවැත්වීමට නියමිතයි.

බංග්ලාදේශය අවසන් වරට ශ්‍රී ලංකාවේදී තරග වැදි අවස්ථාවේදී, ඔවුන් ටෙස්ට් තරගාවලිය 1-0 කින් පරාජයට පත් වුණා.

World News