ශ්‍රී ලංකා පළාත් පාලන මැතිවරණයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබෙනවා.
ඒ අනුව පළාත් පාලන ආයතන 339 න් බහුතරය දිනාගැනීමට ජාතික ජනබලවේගය සමත්වුණා.
ඒ ඡන්ද සියයට 43.26ක ප්‍රතිශතයක් සමග ආසන 3,927 ක් දිනා ගනිමින්.
සමගි ජන බලවේගය ඡන්ද සියයට 21.69 කින් හිමිකර ගත් ආසන සංඛ්‍යාව 1,767 ක්.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ 9.17% ලබාගනිමින් ආසන 742 ක් දිනාගත්තා.
4.69% ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත් එක්සත් ජාතික පක්ෂයට හිමි ආසන සංඛ්‍යාව 381 ක්.
පොදුජන සන්ධානය 3.73% ක් ලබාගනිම්න් ආසන දිනාගෙන ඇත්තේ 300 ක් පමණයි.
සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගයට බහුතර ආසන සංඛ්‍යාවක් හිමිවුවද ඇතැම් පළාත්වල සභාවක් පිහිටුවීමේදී අර්බුදකාරී තත්වයකට මුහුණදීමට සිදුවන බවයි දේශපාලන විචාරකයින් පවසන්නේ.
