සංචාරකයින් රැගත් බෝට්ටුවක් අනතුරට ලක් ලක්වීමෙන් පුද්ගලයින් දස දෙනෙකු මිය ගොස් තවත් 70 දෙනෙක් රෝහල් ගත කර තිබෙනවා.
ඒ චීනයේ ගිනිකොන දිග ප්‍රදේශයේ දීයී.
Qianxi නගරයේ ගංගාවක යාත්‍රා කරමින් තිබූ බෝට්ටුවේ පුද්ගලයින් 84 දෙනෙකෙු ගමන් කර තිබෙන බවයි ෂිංහුවා පුවත් සේවය වාර්තා කළේ.
මැයි දිනය වෙනුවෙන් වූ දින පහක නිවාඩුව අතරතුර මෙම අනතුර සිදුව තිබෙනවා.
අනතුරට පත් වූවන් මුදා ගැනීම සඳහා සියලු පියවර ගන්නා ලෙස චීන ජනාධිපති ෂී ජින් පිං උපදෙස් ලබා දී තිබෙන බව ෂිංහුවා පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළා.


