Latest News

Conflict Between India and Pakistan: ගුවන් ප්‍රහාර ගැන දෙරටෙන් පරස්පර විරෝධී ප්‍රකාශ එළියට

Published 7 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පාකිස්තාන පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ ස්ථාන කිහිපයකට ප්‍රහාරයක් දියත් කළ බව ඉන්දීය රජය පවසනවා.

පාකිස්තානයේ හමුදා මහජන සම්බන්ධතා අංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා එරට ප්‍රවෘත්ති නාලිකාවක් වන ජියෝ ටීවී වෙත සඳහන් කළේ ස්ථාන තුනකට ඉන්දියානු මිසයිල ප්‍රහාර එල්ල වී ඇති බවයි.

පාකිස්තාන පරිපාලන කාශ්මීරයේ මුසෆරාබාද්, කොට්ලි සහ බහ්වල්පූර් යන ප්‍රදේශවලට එම ප්‍රහාර එල්ල වී ඇති බව ලුතිනන් ජෙනරාල් අහමඩ් ෂරීෆ් චෞද්‍රි පවසනවා.

මේ අතර ඉන්දියාව තමන්ගේම ගුවන් සීමාව තුළ සිට පාකිස්තානට මිසයිල ප්‍රහාර එල්ල කළ බව පාකිස්තාන ආරක්ෂක අමාත්‍ය කවාජා අසිෆ් ජියෝ සඳහන් කරනවා.

ප්‍රහාර සිවිල් ප්‍රදේශවලට බලපෑ බවත් “ත්‍රස්තවාදී කඳවුරු ඉලක්ක කරගත්” බවට ඉන්දියාවේ ප්‍රකාශය අසත්‍ය බවත් පාකිස්ථාන ආරක්ෂක අමාත්‍යවරයා වැඩිදුරටත් පවසනවා.

World News