Latest News

පිළිකා රෝගීන් වෙනුවෙන් 5,000Km ක් බයිසිකලයෙන් ගිය ශ්‍රී ලාංකිකයා

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පිළිකා පර්යේෂණයකට සහායවීමේ අරමුණින් කිලෝමීටර් 5,000 කට ආසන්න ගමනාන්තයක් පාපැදියෙන් ගමන් කළ ශ්‍රී ලාංකිකයෙකු පිළිබඳ ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වනවා.

63 හැවිරිදි ගාමිණී චන්ද්‍රසේකර නම් ඔහු ඔස්ට්‍රේලියාවේ බටහිර සිට නැගෙනහිර වෙරළ දක්වා පාපැදියෙන් 5,000 Km ගමන් කිරීමට සමත්වුණා.

පසුගිය මාර්තු 22 වනදා පර්ත් සිට ගමන් ආරම්භකළ ගාමිණී මැයි 3 වනදා එනම් පසුගිය සෙනසුරාදා දහවල් බ්‍රිස්බන් හිදී ගමනාන්තයට ලඟාවුණා.

ඒ සිය පවුලේ මෙන්ම ආධාරකරුවන්ගේ දැඩි ප්‍රශංසා මධ්‍යයේයි.

වැසි තත්වයන්ට මෙන්ම දැඩි උෂ්ණත්වය සහිත දුෂ්කර කාලගුණික තත්වයන් මධ්‍යයේ ඔහු ගමනාන්තය නිමකළ බවයි මාධ්‍යයට පැවසුවේ.

පාපැදියෙන් ගමන් කරන විට මුහුණදෙන දුෂ්කරතා පිළිබඳ සිහිපත් කරමින් ඔහු කියාසිටියේ විවිධ කෘමීන් මෙන්ම කඳුද , විශේෂයෙන් Port Augusta අසල ගමන ඉතා දුෂ්කර වූ බවයි.

එහිදී කිලෝමීටර් 20 ක් අඛන්ඩව ඉහළට යාමට සිදුවූ බවද ගාමිණී ප්‍රකාශ කළා.

වල් ඌරන්, එළුවන්, කැන්ගරුවන් මෙන්ම එමු සත්වයින්ද මෙම චාරිකාවේදී දැකගැනීමට හැකිවූ බව ඔහු කියා සිටියා.

ගාමිණී සෑම දිනකම කිලෝමීටර් 100 ත් 140 ත් අතර දුරක් පාපැදියෙන් ගමන් කර ඇති අතර මුළු ගමනට ඔහුට දින 42 ක් ගතවී තිබෙනවා.

ගාමිණී චන්ද්‍රසේකර පිළිකා පර්යේෂණයට සහායවීමේ අරමුණින් Peter MacCallum Cancer Foundation සඳහා ඩොලර් ලක්ෂ 21 කට වඩා වැඩි මුදලක් රැස්කරදීම ද විශේෂත්වයක්.

පීටර් මැක්කැලම් පිළිකා පදනමේ ප්‍රධාන විධායක නිළධාරී Craig Connolly පැවසුවේ පර්ත් සිට බ්‍රිස්බන් දක්වා බයිසිකලයක් පැදවීම වීර අභියෝගයක් වන බවයි.

එමෙන්ම එය ගාමිණීගේ ඇදහිය නොහැකි අධිෂ්ඨානය, ඔරොත්තුදීමේ හැකියාව සහ අභ්‍යන්තර ශක්තිය මනාව පෙන්නුම් කරන බවද පීටර් මැක්කැලම් හි ප්‍රධාන විධායකවරයා සඳහන් කළා.

මෙය ගාමිණීගේ දෙවන පාපැදි සවාරිය වන අතර 2018 වසරේදී මෙල්බන් සිට සිඩ්නි දක්වා පාපැදියෙන් ගමන් කිරීමට ඔහුට හැකිවුණා.

World News