සීනිගම දෙවොල් දේවාලයේ මුහුදේ පිහිටි දියඹ දේවාලයේ, දේව ප්‍රතිමාවේ නළලේ තිබූ මැණික් ගල ගලවා ගැනීමට තැත්කළ පුද්ගලයෙක් ප්‍රතිමාවෙන් ඇද වැටී මියගොස් තිබෙනවා.
මෙම පුද්ගලයා ඊයේ (05) රාත්‍රියේ දියඹ දේවාලය වෙත පිහිනා ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
සිද්ධිය සම්බන්ධයෙන් මීටයාගොඩ පොලිසිය විමර්ශන අරඹා ඇති බවයි WESL News වාර්තාකරු සඳහන් කළේ.
මියගොස් සිටින පුද්ගලයාගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට තවමත් හැකියාව ලැබී නැහැ.