මෙම සෘතුවේදී හටගැනෙන මාරාන්තික හතු වර්ගයක් පිළිබඳ වික්ටෝරියානුවන්ට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව තෙත් සහ සිසිල් කාලගුණයකදී හටගැනෙන කහ පැහැති පැල්ලම් සහිත හතු පිළිබඳ සැලකිලිමත් වන ලෙසයි සෞඛ්‍ය බලධාරීන් වික්ටෝරියානුවන්ගෙන් ඉල්ලා සිටින්නේ.
වික්ටෝරියා ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී වෛද්‍ය Christian McGrath පැවසුවේ උද්‍යානවල හැදෙන මෙම හතු වර්ග ගැන විමසිලිමත් වන ලෙසයි.
දරුවන් මෙන්ම සුරතල් සතුන් ද එම හතු වර්ගයෙන් ප්‍රවේශම් කරගන්නා ලෙස ඔහු ඉල්ලා සිටියා.
ඒවා ස්පර්ෂ කිරීම හෝ අනුභව කිරීම පවා නොකළ යුතු බවයි ආචාර්ය මැක්ග්‍රාත් පැවසුවේ.
නොදන්නා විශේෂවල හතු එකතුකර පරිභෝජනය කිරීමෙන් විෂ වීම් හෝ බරපතල රෝගාබාධ ඇතිවීමේ අවදානමක් ඇතිවිය හැකි බව සෞඛ්‍ය අංශ පෙන්වාදෙනවා.
අත්වැසුම් පැළඳ, බෑගයක තබා සාමාන්‍ය අපද්‍රව්‍ය බඳුනක දමා බැහැර කරන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.
මෙම හතු වර්ගය අනුභව කිරීමෙන් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ නිවසක පිරිමි ළමුන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.
මෙය විෂ වීමේ ආරම්භක රෝග ලක්ෂණ වන්නේ බඩේ වේදනවා, ඔක්කාරය, වමනය සහ පාචනයයි.