Latest News

අමෙරිකාවෙන්, ඉන්දියාවට ඩොලර් මිලියන ගණනක හමුදා උපකරණ

Published 8 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දු පැසිෆික් කලාපයේ සමුද්‍රීය ආරක්ෂාව ඉහළ නැංවීම සඳහා ඉන්දියාවට ඩොලර් මිලියන 131ක හමුදා උපකරණ අලෙවි කිරීමට අමෙරිකාව අනුමැතිය ලබාදීමට එරට ආරක්ෂක සහයෝගිතා ඒජන්සිය නිවේදනය කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව අධි තාක්ෂණික සාගර නිරීක්ෂණ මෘදුකාංග, පුහුණුව සහ දෙරට අතර ආරක්ෂක කටයුතු සම්බන්ධ උපාය මාර්ග සබඳතා වර්ධනය කිරීම ද ඊට ඇතුළත් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.

අමෙරිකානු ඩොලර් මිලියන 131ක ඇස්තමේන්තුගත මුදලකට අදාළ උපකරණ ඉන්දියාවට අලෙවි කිරීමට රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබුණු බවත්, ඒ සඳහා අවශ්‍ය සහතිකය කොංග්‍රසයට ඉදිරිපත් කර ඇති බවත් අමෙරිකානු ආරක්ෂක සහයෝගිතා ඒජන්සිය වැඩිදුරටත් නිවේදනය කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කළා.

මේ ගනුදෙනුව සිදුවන්නේ සාගර නිරීක්ෂණ මෘදුකාංග ඇතුළු අධිතාක්ෂණික සහාය ඉල්ලා ඉන්දීය රජය විසින් කරනු ලැබූ ඉල්ලීමකට අනුව බව ද වාර්තා වනවා.

එම මෘදුකාංග පුහුණුව සහ විශ්ලේෂණ සහාය ද ඉන්දියාවට ලබාදීමට අමෙරිකානු ආරක්ෂක සහයෝගිතා ඒජන්සිය කටයුතු කරනු ඇති බවයි වාර්තා වන්නේ.

World News