Latest News

පාකිස්තානයේ හිටපු විදේශ අමාත්‍යවරයාගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පාකිස්තානයේ හිටපු විදේශ අමාත්‍ය බිලාවල් භූතෝ සර්දාරි සිය රට අතීතයේදී ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සහ තලේබාන් සංවිධානයට සහාය දැක්වූ බව පිළිගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

පාකිස්ථානයට එවැනි අතීතයක් ඇති බව පවසමින් හිටපු පාකිස්ථාන විදේශ අමාත්‍ය බිලාවල් බූතෝ ත්‍රස්ත ක්‍රියාකරුවන් සමඟ එරට ඇති සම්බන්ධය ද පිළිගෙන තිබෙනවා.

කෙසේවෙතත් බූතෝ පවසා ඇත්තේ එහි අනිසි ප්‍රතිවිපාක පසුකාලීනව පාකිස්ථානය අත්විඳි බැවින් තවදුරටත් පාකිස්ථාන එවැනි ක්‍රියා සිදු නොකරන බවයි.

ස්කයි නිව්ස් හි යාල්ඩා හකිම් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් භූතෝ පවසා තිබුණේ, ”මම හිතන්නේ පාකිස්ථානයට අතීතයක් තියෙනවා කියන එක රහසක් නෙවෙයි. ඒ නිසා අපි දුක් වින්දා, පාකිස්ථානය දුක් වින්දා.” ලෙසයි.

”අපි අන්තවාදී රැල්ලක් පසුකරමින් සිටිමු. ඒත් අපි විඳපු දේ නිසා අපිත් පාඩම් ඉගෙන ගත්තා. මෙම ගැටලුව විසඳීම සඳහා අපි අභ්‍යන්තර ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළා ” යනුවෙන් ඔහු පැවසුවා.

එහි ප්‍රතිඵලයක් ලෙස රට දුක් විඳ පසුව ප්‍රතිසංස්කරණය වී ඇති බව පැවසූ බිලාවල් භූතෝ පාකිස්තානයට අතීතයේ දී අන්තවාදය සමඟ පැවැති සබඳතාව පිළිගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

World News

Send your contact Details Today