Latest News

දරුණු අපරාධකරුවන්ට තරවටු කිරීමට, ට්‍රම්ප් කෙවිට අතට ගනියි

Published 9 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමරිකාවේ කුප්‍රකට බන්ධනාගාරයක් වන ඇල්කැට්‍රාස් නැවත විවෘත කිරීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කර තිබෙනවා.

අමරිකාවේ ප්‍රචණ්ඩ ක්‍රියාවන්හි වර්ධනය වීමක් දක්නට ලැබීම හේතුවෙන් ”‍නීතිය, සාමය සහ යුක්තියේ සංකේතයක්”‍ ලෙස මෙම බන්ධනාගාරය යළි ගොඩනැගීමට විවෘත කරන ලෙස ජනාධිපතිවරයා මෙම නියෝගය නිකුත් කර ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

දරුණු අපරාධකරුවන් රඳවා තබා ගැනීමට භාවිතා කරන මෙම බන්ධනාගාරය කැලිෆෝනියාවේ වෙරළට ඔබ්බෙන් වූ දූපතක පිහිටා ඇති අතර, එය පවත්වාගෙන යාමට අධික වියදමක් දැරීමට සිදුවීම හේතුවෙන් 1963 දී වසා දැමීමට ලක්ව ඇති බව සඳහන්.

කෙසේ වෙතත්, වසා දැමීමෙන් පසුව ඇල්කැට්‍රාස් බන්ධනාගාරය සංචාරක ස්ථානයක් ජනප්‍රියත්වයට පත්වු අතර, 1962 දී ”‍බර්ඩ්මෑන් ඔෆ් ඇල්කැට්‍රාස්”‍ සහ 1996 දී ෂෝන් කොනරි සහ නිකොලස් කේජ් රඟපෑ ”‍ද රොක්” චිත්‍රපටයන් වල රූගත කිරීම්ද මෙහි සිදුව තිබුණා.

World News