ශ්‍රී ලංකාවේ රේගු වංචා සිදුකරන ආයතන සහ පුද්ගලයින්ගේ අනන්‍යතාවය ප්‍රසිද්ධ කිරීමට රේගුව තීරණය කර තිබෙනවා.
ඒ අනුව රේගු වංචා අවම කර බදු නිවැරදිව අයකර ගැනීමට සහ රේගුව විසින් සිදුකරන නවතම ක්‍රියාමාර්ග තවත් පියවරක් ලෙසයි වංචා සිදුකරන ආයතන සහ පුද්ගලයින්ගේ නම් ප්‍රසිද්ධ කිරීමට තීරණය කර තිබෙන්නේ.
සිතාමතාම බදු ගෙවීම පැහැර හරින්නන් අධෛර්යට පත්කර රජයට හිමිවිය යුතු නිසි බදු ප්‍රමාණය ගෙවීම සඳහා පෙළබවීම ද මෙහි අරමුණක් වනවා.
රේගු ආඥා පනත යටතේ නිසි විමර්ශනයකින් පසුව පැවැත්වෙන පරීක්ෂණයකදී වරදකරුවන් වන පුද්ගලයින් හා ආයතනවල විස්තර ප්‍රසිද්ධ කිරීමට කටයුතු කෙරෙනවා.
මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීමේ අවශ්‍යමතාවන් සපුරාලීම සඳහා රේගුව විසින් මුදල් විශුද්ධිකරණ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීමේ ඒකකයක් පිහිටුවා තිබෙනවා.
රේගු වැරදිවලට සම්බන්ධ ආයතනවලට සහ පුද්ගලයින් සම්බන්ධයෙන් මෙම ඒකකය මගින් වැඩිදුර විමර්ශන සිදුකර සැකකටයුතු ආයතන සහ පුද්ගලයින් සම්බන්ධයෙන් මූල්‍ය බුද්ධි අංශයට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන බවයි ශ්‍රී ලංකා රේගුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.