Latest News

පාකිස්තාන අගමැතිගේ YouTube නාළිකාවට තහනමක්

Published 11 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පාකිස්තාන අගමැති ෂෙබාස් ෂෙරීෆ්ගේ YouTube නාළිකාව ඉන්දියාව තුළ අවහිර කර ඇති බව වාර්තා වනවා.

ජම්මු සහ කාශ්මීරයේ පහල්ගම් හි සිදු වූ මාරාන්තික ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු දෙරට අතර පවතින අර්බුදකාරී තත්ත්වය මධ්‍යයේ පකිස්ථාන අගමැති ෂෙබාස් ෂෙරීෆ්ගේ YouTube නාලිකාව ඊයේ දින සිට ඉන්දියාව තුළ අවහිර කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ඉන්දීය ගුවන් යානාවලට පාකිස්තාන ගුවන් කලාපය තහනම් කිරීම හේතුවෙන් ඉන්දීය ගුවන් සේවා රැසක් දැඩි ගැටලුවකට මුහුණ පා සිටිනවා.

ඒ, අනුව ඉන්දීය ගුවන් සේවා උතුරු ඇමරිකානු ගුවන් ගමන් සඳහා විකල්ප මාර්ග ගවේෂණය කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

පාකිස්තාන ගුවන් අවකාශය වසා දැමීම හේතුවෙන් ඉහළ ගොස් ඇති මෙහෙයුම් පිරිවැය අවම කිරීම සඳහා ඉන්දීය ගුවන් සේවා විවිධ විකල්ප සොයමින් සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මේ අතර පාකිස්තානයට ලබා දෙන ණය සහ ප්‍රදාන සමාලෝචනය කරන ලෙස ඉන්දියාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා තිබෙනවා.

පාකිස්තානය රාජ්‍ය තාන්ත්‍රිකව කොටු කිරීමට නවදිල්ලිය උත්සාහ කරන බැවින්, පාකිස්තානයට ලබා දී ඇති අරමුදල් සහ ණය පිළිබඳව නැවත සලකා බලන ලෙස ඉන්දියාව ජාත්‍යන්තර අරමුදල ඇතුළු ගෝලීය බහුපාර්ශ්වික ආයතනවලින් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර කාශ්මීර ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු දෙරට තුළ ඇතිව ඇති ගැටුම්කාරී තත්ත්වය සමනය කිරීමට පකිස්ථානය ගල්ෆ් රටවලින් උදව් ඉල්ලා තිබෙනවා.

පාකිස්තාන අගමැති ඊයේ ගල්ෆ් රටවල තානාපතිවරුන් හමුවී මේ පිළිබඳව සාකච්ඡාකර ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

World News