Latest News

අද මධ්‍යම රාත්‍රියේ සිට ශ්‍රී ලංකාව තුළ තහනම් වන දෙයක් ගැන දැනුම්දීමක්

Published 11 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මෙවර පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ප්‍රචාරක කටයුතු අද (03 වැනි) සෙනසුරාදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරනවා.

ඒ අනුව මැයි මස 03 වැනි දිනෙන් පසුව මැතිවරණ දිනය දක්වා වූ කාලය මැතිවරණ නිහඬ කාලය ලෙස සැලකෙනවා.

ඡන්ද විමසීම ලබන 06 වැනිදා පැවැත්වෙන අතර, තැපැල් ඡන්ද සලකුණු කිරීම අදින් අවසන් වන බවයි මැතිවරණ කොමිසම පැවසුවේ.

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම පසුගිය 24, 25 සහ ඊයේ යන දින තුන තුළ සිදු කෙරුණි. තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටි රාජ්‍ය සේවකයින් ගණන 648,490ක්‍.

මේ අතර මැතිවරණ කොමිෂන් සභාව රජයේ හා පෞද්ගලික අංශයේ සේවකයින්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මැතිවරණ පනතේ ප්‍රතිපාදන අනුව නිවාඩු ලබාදීමට පියවර ගන්නා ලෙස ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඊයේ (02) මැතිවරණ කොමිසමේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින් එහි සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතා මේ බව පැවසුවා.

ඔහු පැවසුවේ විශ්වවිද්‍යාල, උපකාරක පන්ති, ඇගලුම් කම්හල්වල සේවකයින්ට හා ශිෂ්‍යයින්ට නිවාඩු ලබාදීම අත්‍යවශ්‍ය වන බවයි.

රාජ්‍ය අංශයේ නිලධාරීන් සඳහා පැය 02ක නිවාඩුවකට යටත්ව ඡන්දය ප්‍රකාශ කිරීමට යාමට ඡන්ද පොළට ඇති දුර ප්‍රමාණය අනුව ආයතන ප්‍රධානියා විසින් තීරණය කරනු ලබන ප්‍රමාණවත් කාල සීමාවක් නිවාඩු ලබා දීම අත්‍යාවශ්‍ය බව සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.

පෞද්ගලික අංශයට නිවාඩු ලබා දීම සඳහාත් මැතිවරණ කොමිෂන් සභාව විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇති අතර ඒ අනුව, කිලෝ මීටර් 40ක් හෝ ඊට අඩු වේ නම් දින භාගයක්, කිලෝමීටර 40- 100ත් අතර නම් එක් දිනකුත්, කිලෝ මීටර 100ත් 150ත් අතර නම් දින 1 ½ ක්, කිලෝ මීටර 150කට වැඩි නම් දින 2ක් වශයෙන් නිවාඩු ලබා දිය යුතු බව සදහන් වනවා.

කෙසේවෙතත් ඇතැම් ඡන්ද දායකයින්ට ඡන්ද පොළට යාම සඳහා පවතින දුර ප්‍රමාණය අනුව මීට වඩා වැඩි දින ප්‍රමාණයක නිවාඩු අවශ්‍ය විය හැකි බව ද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතා මෙහිදී පැවසුවා.

World News